දැරණියගල, මාගල ප්රදේශයේ නිවසක පදිංචි මවකට ඊයේ (06දා) රාත්රියේ කිසියම් පුද්ගලයෙකු පහරදී ඇයගේ වයස අවුරුදු 07ක දියණිය හා ඥාති පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි දැරණියගල පොලීසිය පවසයි.
සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
මෙම ඝාතන සිදුකළ සැකකරු මේ වනවිටත් හඳුනාගෙන ඇති අතර, ඔහු ප්රදේශයෙන් පලාගොස් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.