මත්පැන් අලෙවි කිරීමේ හා එම ස්ථානයේදී පානය කිරීමට හැකිවන අයුරින් බලපත්‍රයක් (SL22) ලබාදීමේදී එම ස්ථානය සහ පාසලක් හෝ ආගමික ස්ථානයක් අතර පැවතිය යුතු යැයි සැලකෙන මීටර් 500 ක දුර, මීටර් 100 ක් දක්වා අඩු කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නිර්දේශයක් කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ඊයේ (04දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට මුදල් අමාත්‍යාංශය විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
අදාළ නිර්දේශ මගින් මත්පැන් පානය කරන හා අලෙවි කරන ස්ථානයක් ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේදී දැනට පවතින මීටර් 500 දුර මීටර් 100 ක් දක්වා අඩු කිරීමට යෝජනා කර තිබේ.
එසේම එම දුර උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන ස්ථාන 43 ක් පමණ දැනට පවතින බවද වාර්තා වෙයි.
මත්පැන් අලෙවි කිරීමට පමණක් අවසරය ඇති ස්ථානයක් ආරම්භ කිරීමේදී එම ස්ථානය පාසලක් හෝ ආගමික ස්ථානයකට මීටර් 100කට වඩා වැඩි දුරකින් ආරම්භ කළ යුතුය.