තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක වැඩවර්ජනයේ යෙදී සිටින සියලුම කාර්ය මණ්ඩලයට තම සේවා ස්ථාන වෙත හැකි ඉක්මනින් වාර්තා කරන ලෙස තැපැල්පති රෝහණ අභයරත්න මහතා ඉල්ලා සිටියි.
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම්වරයා හා තැපැල්පති වශයෙන් තමාත් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරනු ලබන ගැටළු සාධාරණ බව පිළිගන්නා අතර ඉදිරි මාසයක කාල සීමාව තුළ සෑම දෙනාටම පිළිගත හැකි සමස්ත විසඳුමකට යාමට කටයුතු කරන බවද සදහන් කරයි.
වැඩවර්ජනය හේතුවෙන් මහජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීමට නොහැකි වුවහොත් එහි වගකීම තම දෙපාර්තමේන්තුව සතු වන බවත් එහි අහිතකර ප්‍රතිපල කාර්ය මණ්ඩලයට භුක්ති විඳින්නට සිදු වන බවත් තැපැල්පතිවරයා පෙන්වා දෙයි.
තවද වර්තමාන තරඟකාරි පසුබිම තුළ තැපැල් සේවාවට සමාන වූ සමාන්තර සේවා සපයනු ලබන ආයතනයන්හි තරඟකාරිත්වය හමුවේ තැපැල් දෙපාර්තමේන්තුව ආරක්ෂා කර ගැනීමට නම් තම සේවාව ප්රශස්ත ලෙස කර ගෙන යාමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඔහු තව දුරටත් අවධාරණය කරයි.