තැපැල් සේවකයන් සිදුකරන වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 07කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී තිබෙන බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.
මීට අමතරව අද දිනයේ බෙදාහැරීමට සැලසුම් කළ ලිපි ලක්ෂ 05කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ තැපැල් කාර්යාලවල ගොඩගැසී තිබෙන බවද එම පෙරමුණ පෙන්වා දෙයි.