තැපැල් දෙපාර්තමේන්තුවේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට අවශ්‍ය හෙයින් සියලුම තැපැල් සේවකයින්නේ නිවාඩු හෙට (14දා) මධ්‍යම රාත්‍රිය දක්වා අවලංගු කළ බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තැපැල් සේවාව තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවට තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ දන්වා තිබෙන බවද තැපැල්පති රෝහණ අභයරත්න මහතා සඳහන් කළේය.
මේ නිසා ඊයේ (12දා) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (14දා) මධ්‍යම රාත්‍රිය දක්වා සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.