තැපැල් සේවාවේ ගැටලුවලට අද (12) දිනය තුළ සියලුම විසඳුම් නොලැබීම නිසා ඊයේ (11දා) සවස 4.00 ට ආරම්භ වූ තැපැල් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
මධ්‍යම තැපැල් හුවමාරුවට ඇතුළු වූ සමස්ත තැපැල් කාර්යාලවලින් 90%ක වැඩ කටයුතු ඊයේ (11) සිට වසා දමා තිබෙන බවත්, තැපැල් කාර්යාල කිහිපයක් විවෘතව පැවැතියද ඒවායේ වැඩ කටයුතු සිදු නොවූ බවත් එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
වර්ජනය නිසා දෛනිකව හුවමාරු වන ලක්ෂ 10ත් 12ත් අතර ලිපි හා දහස් ගණනක පාර්සල් හුවමාරු වී නොමැති අතර, මීට අමතරව දඩකොළ ගෙවීමට නොහැකි වීමෙන් රියදුරන්ද දැඩි අපහසුතාවයන්ට පත්වී තිබේ.