ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (11දා) සවස 4.00ට ආරම්භ කළ වැඩවර්ජනය ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
සේවා ව්‍යවස්ථාවේ පවතින ගැටලු විසඳන ලෙස ඉල්ලමින් හා උපතැපැල් ස්ථානාධිපතිවරුන්ට පැවැත්වීමට සැලසුම් කර තිබෙන විභාගය අහෝසි කරන ලෙස ඉල්ලා මෙම වැඩවර්ජනය සිදු කරන බවද එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම ගැටලු විසඳා ගැනීමට මීට පෙර අවස්ථා ගණනාවකදී සාකච්ඡා පැවැත්වුවද, ඒ සඳහා නිසි විසඳුම් නොලැබුණු බවත්, අද (11දා) දිනයේදී මේ පිළිබඳ කිසිදු සාකච්ඡාවකට කැඳවීමක් සිදු නොකළ බවත් ඔහු පවසා සිටියේය.
මේ හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන් අද සවස 4.00 සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කළ බවද කැඳවුම්කරු කියා සිටියේය.