ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 11 වැනිදා සිට සිදු කරන තැපැල් සේවක වැඩවර්ජනයට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බැවින් සියලු සේවකයන් අද (18දා) කොළඹට කැඳ වූ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
කොළඹට පැමිණෙන සේවකයන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සන්දේශයක් බාර දීමට කටයුතු කරන බවද එම පෙරමුණ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
මීට අමතරව සියලු සේවකයන්ගේ එකඟතා මත ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග අද (18දා) තීරණය කරන බවද හෙතෙම පවසා සිටියේය.
නව සේවා ව්‍යවස්ථාවක් ඉල්ලා, ස්ථිර සේවයට ඇතුළත් කර නොගෙන සිටින උපතැපැල් ස්ථානාධිපතිවරුන් සේවයේ ස්ථිර කරන ලෙස ඉල්ලා හා තවත් කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 11 වැනිදා සවස 04.00 සිට සේවයෙන් ඉවත්ව සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.