තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩල නිවාඩු අද (19දා) දින මධ්‍යම රාත්‍රියේ සිට (21දා) දින මධ්‍යම රාත්‍රිය දක්වා අවලංගු කිරීමට තැපැල්පතිවරයා තීරණය කර තිබේ.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින්අද (19දා) දින මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමට කටයුතු කිරීම නිසා ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය රාජකාරි ඉටු කිරීම බිඳ වැටීම සිදුවිය හැකි බැවින් මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් තැපැල්පතිවරයා මෙම තීරණයට එළඹ ඇත.