තැපැල් ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් භාවිතාකර නොමැති බැවින් තැපැල් ඡන්ද අයැදුම්කර ඡන්දය ලකුණු නොකළ පුද්ගලයන්ගෙන්රුපියල් 750 ක මුදලක් අයකරගැනීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
එමෙන්ම තැපැල් ඡන්ද භාවිත නොකිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසන බවද දේශප්‍රිය මහතා පැවසුවේ ඊයේ(01දා) මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එක් තැපැල් ඡන්දයක් වෙනුවෙන් රුපියල් 750ක මුදලක් මැතිවරණ කොමිෂන් සභාව වියදම්කර ඇති අතර, තැපැල් ඡන්ද අයදුම්කළ පිරිසෙන් බොහෝමයක් තැපැල් ඡන්ද භාවිතකර නොමැති බැවින් මෙම තීරණය ගත්බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
ආරක්ෂක අංශ තැපැල් ඡන්ද භාවිත කිරීම සතුටුදායක මට්ටමක පවතින බවත්,අනිකුත් ක්ෂේත්‍ර තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම සතුටුදායක නොවන බවත් ඔහුකීය.
එමෙන්ම තැපැල් ඡන්ද සලකුණු කළ ඡන්ද පත්‍රිකා ඉතා සුරක්ෂිතව සීල් තබා ඇති බවත්, ඡන්ද ගණන් කිරීම සිදුකරන තුරු ඒවා ගණන් නොකරන බවත් දේශප්‍රිය මහතා සඳහන් කළේය.
තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවසන් දිනය ලෙස අද දිනය (02දා) නම්කර ඇති අතර, සියලුම දිස්ත්‍රික් ලේකම්කාර්යාලවලදී තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබේ.