පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ තුන්වන අදියරේ තැපැල් ඡන්ද විමසීම හෙට (01දා) සහ අනිද්දා (02දා) යන දෙදින තුළ පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
තැපැල් ඡන්ද භාවිත කිරීමේ පළමු අදියර ජනවාරි 22 වන දින පැවැත්වූ අතර, එදින පොලිස් නිලධාරීන්ට, මැතිවරණ නිලධාරීන්ට හා දිස්ත්රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදෙනු ලැබිණි. දෙවන අදියරේ ඡන්ද විමසීම පසුගිය 25 හා 26 යන දෙදින තුළ පැවති අතර, එම දිනවල සෙසු රාජ්ය සේවකයන් ඡන්දය භාවිත කිරීම සිදුවිය.
මෙම දින තුන තුළදී ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයන් සඳහා ඡන්දය ප්රකාශ කිරීමට හෙට (01දා) සහ අනිද්දා (02දා) යන දින දෙක වෙන්කර ඇත. මේ අනුව හෙට සහ අනිද්දා යන දිනයන්හී කාර්යාල වේලාවන් තුළ දිස්ත්රික් මැතිවරණ කාර්යාලවලදී හා කොළඹ දිස්ත්රික්කය නියෝජනය කරන ඡන්දදායකයන්ට මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දී තිබේ.