බස්නාහිර, දකුණ, පළාත් සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම පැවැති පසුගිය 13 වැනිදා සහ 14 වැනිදා ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ සියලුම තැපැල් ඡන්දදායකයන්ට අද (20දා) දිනයේදී, දිස්ත්‍රික් ලේකම් කාර්යල තුළදී සහ කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ට මැතිවරණ මහ කොමාසාරිස් කාර්යාලයේදී ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
අද (20දා) දිනයෙන් පසු ඒ වෙනුවෙන් තවත් කිසිදු අතිරේක දිනයක් ලබා නොදෙන බවත්, තැපැල් ඡන්දය හිමි එහෙත් තැපැල් ඡන්දය භාවිත නොකළ සියලුම දෙනාම අද දිනයේදී ඡන්දය භාවිත කර අවසන් කළ යුතු බවද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේය.