තැපැල් සේවා නිලධාරීන් 374 දෙනෙකුට තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.අබ්දුල් හලීම් මහතා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (11දා) පැවති උත්සවයකදී පත්වීම් ප්රදානය කළේය.
මෙහිදී නිලධාරිනියන් 317කට සහ නිලධාරින් 57කට පත්වීම් ලබා දුන් අතර, පසුව පැවැත්වු මාධ්‍ය හමුවකදී තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එම් හලීම් මහතා අදහස් දක්වමින්,
“මෙම කාන්තාවන්ට රාත්‍රී මුරසේවා ලබාදෙන්න පුළුවන්ද කියලා අපි සාකච්ඡා කළා. තැපැල් සේවයේ රාත්‍රී මුරසේවා තියෙනවා. පිරිමි හිටියනම් තමයි හරි. නමුත් රජයේ ප්‍රතිපත්ති අනුව බඳවාගැනීමේදී කාන්තාවන් වැඩි පිරිසකට පත්වීම් දෙන්න සිදුවුණා. විභායක් පවත්වා තෝරා ගත්තේ. මෙම පත්වීම් දෙද්දි මමත් සිතුවා පිරිමින්ට වඩා විශාල පිරිසක් කාන්තාවන් සිටින බව. ඒ ගැන ගැටලුවක් අපිට තියෙනවා. තැපැලේ වෘත්තීය සමිතිවල මතයත් වැඩිපුර පිරිමි බඳවා ගැනීම කාලෝචිත බවයි. නමුත් රජයේ ප්‍රතිපත්ති නිසා ඒක වෙනස් කරන්න බැරිවෙලා තියෙනවා.* යනුවෙන් පවසා සිටියේය.
දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජනය වන පරිදි මෙම පත්වීම්ලාභීන් තෝරා ගත් බවද ඔහු කීය.
තැපැල් නිලධාරීන් 578 දෙනෙකු සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබුණු බවත්, ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වු තරග විභාගයකින් සමත්වූ 800දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා පත්වීම්ලාභීන් තෝරාගත් බවද ඒ මහතා සඳහන් කළේය.