කොළඹ හා ඒ අවට ප්‍රදේශවල පැතිර යන උණ රෝග පිළිබඳව සොයා ගැනීම සඳහා සම්පූර්ණ රුධිර පරීක්ෂාව සහ ඩෙංගු රුධිර පරීක්ෂාව සඳහා තාවකාලික පර්යේෂණාගාර ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය සඳහන් කරයි.
බාහිර රෝගී අංශයන්වල අනුයුක්තව තාවකාලික පර්යේෂණාගාර ස්ථාපිත කිරීමට තම සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට කැමැත්ත පළකළ බවද එම සංගමයේ සභාපති රවී කුමුදේශ මහතා සඳහන් කළේය.
මේ අනුව මීගමුව රෝහල තුළ පර්යේෂණාගාරය ආරම්භකළ බවත් ඉදිරි දිනවල පිලියන්දල, වෑතර හා තලංගම රෝහල් සඳහාද මෙම සේවාව ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.