රටේ තරුණ තරුණියන්ගෙන් ලක්ෂ 30කට අධික ප්‍රමාණයක් විරැකියාවෙන් පෙළෙන බව සමාජවාදී තරුණ සංගමය සඳහන් කරයි.
අපේ රටේ තරුණ තරුණියන්ගෙන් 95කගේම එකම දේපළ අධ්‍යාපනය බවත්, එම පිරිසට පරම්පරාවෙන් ලැබෙනා සමාගම හෝ වතුපිටි නොමැති බවද එම සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
අධ්‍යාපනය තරුණ තරුණියන්ගේ දේපළ වුවත්, ගෙවී ගිය වසර 20 තුළ උසස් පෙළ සමත්වූ ලක්ෂ 25කට විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී අධ්‍යාපනය හැදෑරීමට වරම් නොමැති වූ බවත් එයට හේතු වී තිබෙන්නේ රටේ විශ්වවිද්‍යාල ප්‍රමාණය ඉහළ නොදැමීම නිසා බවත් හෙතෙම පවසා සිටියේය.