'තාරුණ්‍යයට හෙටක්' සංවිධානය තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක මහතා 'අද'ට පැවසීය.
ග්‍රාමීය මට්ටමේ තරුණ ප්‍රජාව තවදුරටත් 'තාරුණ්‍යයට හෙටක්' සංවිධානයේ ක්‍රියාකාරීත්වය බලාපොරොත්තු වන බවත්, ඒ හේතුවෙන් එම සංවිධානය තරුණ ප්‍රජාව දේශපාලනිකව දැනුවත් කිරීමේ වැඩසටහන් තවදුරටත් පවත්වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
'තාරුණ්‍යයට හෙටක්' සංවිධානය ආරම්භ කර නායකත්වය දුන් පුද්ගලයා වශයෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් එහි නායකත්වය දරනු ඇතැයි කී මන්ත්‍රී තාරානාත් බස්නායක මහතා ඉදිරියේදී 'තාරුණ්‍යයට හෙටක්' හි දේශපාලන සක්රීයත්වය ජනතාවට දැක බලාගත හැකි යැයිද කීය.