පසුගිය ආණ්ඩු සමයේ ක්‍රියාත්මක වූ තාරුණ්‍යයට හෙටක් සංවිධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ නියෝජනය ලෙස පෙන්නුම් කළද එය ස්වේච්ඡා සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වූවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඔවුන් තාරුණ්‍යයට හෙටක් ගැන කථා කළත්, තරුණයන්ට හෙටක් උදා නොවූ බවත්, මේ නිසා තරුණයන්ට අදක් උදාකර දීම සඳහා රට තුළ උපාය මාර්ග වැඩසටහන් දියත් කරන බවද අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී බණ්ඩාර මහතා පවසා සිටියේය.