රුපියල් ලක්ෂ පනස් නමයක් පමණ වටිනා මැණික් ගල් 106 ක් බඳ පටියෙහි සගවාගෙන තායිලන්තයේ බැංකොක් නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (28දා) අලුයම රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු බේරුවල අළුත්ගම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. නිල් මැණික්, රත කැට, වෛරෝඩි, තෝරමල්ලි, පද්මරාග ආදී වර්ග රැසක වටිනා මැණික් ගල් ඔහු ලග තිබුණු බව රේගුව කියයි.