තායිලන්තයේ බැංකොක් නුවර එරාවන් හින්දු ආගමික මධ්‍යස්ථානය අසල සිදුවූ බෝම්බ පිපිරීමට අදාළ ප්‍රධාන සැකකරුගේ සිතුවමක් එරට පොලීසිය විසින් මාධ්‍යයට නිකුත් කොට ඇත.
මුලින් යතුරුපැදි බෝම්බයක් ලෙස සැක කෙරුණත්, ඒ ආසන්නයේ වූ සී.සී.ටී.වී. කැමරා දසුන් පරීක්ෂාවේදී මෙය කිසිවෙකු විසින් ඒ ආසන්නයේ තබා ගිය බෝම්බයක් බව අනාවරණය කෙරිණි.
එහිදී, කොට කලිසමකින් හා කමිසයකින් සැරසුණු තරුණයෙකු බෑගයක් එල්ලාගෙන එම ස්ථානයට පැමිණ, පසුව එම බෑගය බංකුවක් මත තබා තම ජංගම දුරකථනය දෙස බලමින් උපක්රමිකව ඉන් ඉවත්ව යන ආකාරය පැහැදිලිව දක්නට ලැබෙයි.
ඔහුගේ ඇඳුම් පැළඳුම් අනුව ඔහු තායි හෝ විදේශීය සංචාරකයෙකු ලෙස සැලකිය හැකි බව පොලීසිය පවසයි.