තායිලන්තයේදී බස් රථයක් අනතුරට පත්වීමෙන් ශ්රී ලාංකිකයින් ඇතුළු සංචාරකයින් 22 දෙදෙනකු තුවාල ලබා ඇති බව විදෙස් පුවත් පවසයි.
පොතරෑම් දිස්ත්රික්කයේ, නොන්ෆෝහි රචාබූරි ප්රදේශයේදී අද (29දා) සවස මෙම අනතුර සිදුව ඇති බවත්, ඒ වනවිට අදාළ බස් රථයේ 34 දෙනෙකු සිටි බවත් විදෙස් පුවත් පවසයි.
තුවාල ලැබූ තායි රියදුරු සහ සෙසු ශ්රී ලාංකික පිරිස පොතරෑම් රෝහලට ඇතුළත් කර එහි ප්රතිකාර ලබන බවද විදෙස් වාර්තාවල දැක්වෙයි.