තායිලන්ත ආරක්ෂක හමුදා ප්රධානී ජෙනරල් සොම්මාය කඔටිර මහතාගේ ප්රධානත්වයෙන් යුත් දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.
අද (26දා) අලුයම පැමිණි මෙම පිරිස ආරක්ෂ මාණ්ඩලික ප්රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා විසින් පිළිගෙන තිබේ. තායිලන්ත ආරෂක හමුදා ප්රධානී ජනපති, අගමැති, ආරෂක රාජ්ය ඇමති ඇතුළු ඉහළ පෙළේ පිරිසක් හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.