එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකධුරය සඳහා තමාට ආරාධනාවක් නැති බවත් එවැනි දෙයක් පිළිබඳව දැනුවත් නැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
වැලිකඩ රෝහලේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා බැලීම සඳහා අද (09දා) පැමිණීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් දක්වි සිටියේය.
“මම ආවා තිස්ස (අත්තනායක), (ප්‍රේමලාල්) ජයසේකරයි බලන්න. ජයසේකර කුරුවිටට අරං ගිහිල්ලා. තිස්සත් බැලුවා. එතන ඉන්නවා අමරවීර කියලා දන්න නාවික හමුදාවේ අයෙක්. එයාගේ ඔෆීසියල් පිස්තෝලය තියාගෙන හිටියට එයාවත් කූඩුවේ දාලා තියෙනවා. ඒ දෙන්නව බලලා ආවා.”
අගමැතිධුරය පිළිබඳව මාධ්‍ය වේදීන් කළ විමසුමට ප්‍රතිචාර දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා.
“මට තමා ආරාධනාවක් නෑ. මම තාම එහෙම එකක් දන්නේ නෑ. කොහෙද රැස්වීම තියෙන්නේ. මම මේ ගමේ ඉඳලා ආවේ අද. මම තාම දැක්කේ නෑ මොකක්වත්“
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරහමුණ අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවේ ඉදිරි මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කිරීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට ගෙන එන බවයි.