විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට අනුයුක්තව දෙවැනි පෙළ දේශපාලන පත්වීම් ලැබූ 36 දෙනෙකු යළිත් මෙරටට කැඳවීමට නව ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශය තීරණය කර ඇත.
අමාත්‍යාංශ ආරංචි මාර්ග අනුව එකී තීරණය පෙරේදා (04දා) ගනු ලැබූ අතර, එකී කැඳවීමට නියමිත ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයන් අතර, හිටපු රාජ්‍ය ආරක්ෂක මාධ්‍ය ප්‍රධානී ලක්ෂ්මන් හුළුගල්ල හා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වූ චමිත්‍රි රඹුක්වැල්ල මෙනවිය වෙති.
ඔවුන්ට මෙරටට පැමිණීමට මසක පමණ කාලයක් ලබා දී ඇත. මීට ඉහත දේශපාලන පත්වීම් ලැබූ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 29 දෙනෙකු යළි මෙරටට කැඳවීමටද විදේශ අමාත්‍යාංශය පියවර ගත්තේය.