හිටපු රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගෙන් ලබාගත් ප්‍රකාශ හයකදී එකිනෙකට පරස්පර කරුණු පවසා ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (05දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මේ අනුව සැකකරුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සාධාරණ හා යුක්ති සහගත සැකයක් මතුවන බවට ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය පක්ෂග්රාහි නොවී සැකකරුගේ පාර්ශවයෙන් පවසන කරුණු පිළිබඳවද සැළකිල්ලට ගෙන මෙම සිද්ධිය පිළිබඳ මධ්‍යස්ථ පරීක්ෂණ පවත්වන ලෙස රහස් පොලිසියට දැනුම් දුන්නාය.