රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව කරන පරීක්ෂණ සඳහා තවත් මාස දෙකක කාලයක් ලබාදෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (23දා) අවසර ලබාදුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදීමට මාස දෙකක කාලයක් අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව නඩුව නැවතත් මැයි මාසය දක්වා කල් තැබිණ.