වසීම් තාජුඩීන් රිය අනතුරකින් මියගිය බව පවසන නාරාහේන්පිට, ශාලිකා ක්රීඩාංගණය අසළ ස්ථානයට අද (25) රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
2012 වසරේ මැයි මාසයේදී එම ස්ථානයේදී සිදුවූ රිය අනතුරකින් වසීම් තාජුඩීන් මිය ගිය බවට පොලිසිය වාර්තා කළ අතර පසුව ඔහු මිය ගියේ අනතුරකින් නොවන බව රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.