රගර් ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්රාත් නිශාන්ත පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (25දා) නියෝග කළේය.
තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් වෙන පශ්චාත් මරණ පරීක්ෂණ තීන්දුව ප්රකාශයට පත් කරමින් නිශාන්ත පීරිස් මහතා මෙම නියෝගය නිකුත් කළේය.
තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඒ පිළිබඳ වාර්තාවක් මාර්තු සම 23 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්රාත්වරයා නියෝග කළේය.