රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිඹුල් කදුළු හෙලන බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.
ඊයේ (10දා) රත්‍රියේ දෙකටන පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය. “මේ ප්රශ්නය ගැන අපි කතාකළා. මේක මරණයක් කියලා කිව්වා, මිනීමැරුමක් කියලා කිව්වා. නමුත් පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා එම ක්‍රීඩකයාට උල් සහ උල් නොවන ආයුධ වලින් පහරදීලා මරණය සිදු කරලා කියලා. අද වෙනකොට මේ දරුවගේ දේහය ඉවතට අරගෙන නැවත වරක් පරීකෂණ පවත්වනවා.
ඔහු මේ රටේ ජාතික කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෙක්. මම දැක්කා මහින්ද රාජපක්ෂ මහත්තයා ප්රවෘත්ති ප්රකාශනයකදී කිව්වා, එතුමා බලයට ආවොත් මේ ගැන පරීක්ෂණයක් කරනවා කියලා. මේ දරුවා මැරුණේ 2012 අවුරුද්දේ. එතුමා හිටියා 2014 වනතුරු. නමුත් එතුමා කිසිම පරීක්ෂණයක් පැවැත්වුවේ නැහැ. මේ වගේ අද නැවතවරක් තමන් පහුගියකාලේ හංගපු දේවල්, නැවතවරක් වමාර වමාර එළියට එන්න සිද්ධ වෙලා තියෙනවා”