අනවශ්‍ය දේවල්වලට තාක්ෂණය උපරිම භාවිත කරන බවත්, එහෙත් එදිනෙදා එකතු වන කැළි කසළ ප්රතිචක්රීයකරණය කිරීමට කිසිදු තාක්ෂණයක් භාවිත නොකරන බවත් ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ සඳහන් කරයි.
මෙය ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක් බවත්, කැළි කසළ කළමනාකරණය නොකිරීම හේතුවෙන් මීතොටමුල්ලේදී ජනතාවට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුව තිබෙන බවත් එම පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
මීතොටමුල්ල ප්‍රදේශයේදී සිදුවූ අවාසනාවන්ත සිද්ධියට වර්තමාන ආණ්ඩුව සේම පසුගිය ආණ්ඩුවද වගකිවයුතු බව අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.