ඉදිකිරීම් කටයුතු නිමවී, මෙතෙක් පාසල්වල විවෘත කර නොමැති තාක්ෂණ විද්‍යාගාර සියල්ල මාසයක් ඇතුළත විවෘත කර පාසල් දරුවන්ගේ පරිහරණයට ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අද (27දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ජාතික පාසල් විදුහල්පති රැස්වීමේදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය.