හෝමාගම තාක්ෂණ නගරය ඉදිකිරීමට අක්කර 4000ක් අත් කරගැනීමට යන බවට වාර්තාවන තොරතුරු අසත්‍ය බවත් තමා කිසිම විටක දේශපාලනයේ අසත්‍යක් ප්‍රකාශ කර නොමැති බවද බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
තාක්ෂණ නගරයට ඉඩම් ලබාගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අද (29දා) හෝමාගම, දාම්පේ වෙරළුපාගොඩ සංවිධානය කර තිබූ ජනහමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“මම එනකොට දැක්කා අක්කර 4000 ක් අපි ගන්න යනවයි කියලා. අමූලික පට්ටපල් බොරුවක්. මම දේශපාලනයේ කිසිම අවස්ථාවක කිසිම බොරුවක් ප්‍රකාශ කර නැහැ. මේක අමූලික පට්ටපල් බොරුවක්. කවුරුහරි 4000 කතාව කියන අය ඒ අයට මේ පට්ටපල් බොරුවට පිළිතුරු දෙන්න කියලා අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කිසිම ආකාරයක අක්කර 4000 ක කතාවක් නැහැ.
මහහේනවත්ත කියන ඉඩමේ අක්කර 92 ක් තිබෙනවා. ඒක අත්පත් කරගෙන එහි තාක්ෂණ නගරයක් හදනවා. ඒ තාක්ෂණ නගරය ප්‍රෝඩාවක් නෙමෙයි. එහි දැනට නැනෝ තාක්ෂණ ආයතනය තිබෙනවා. හරිත විශ්වවිද්‍යාලය තිබෙනවා. එන්.ඩී.ටී. තාක්ෂණ පීඨය තිබෙනවා. ඊට අමතරව අපි කොළඹ විශ්වවිද්‍යාලයේ, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ 3කට අපි ඉඩම් ලබාදී තිබෙනවා, ඒ වගේම හරිත විශ්වවිද්‍යාලය පුළුල් කිරීමටත් ඉඩම් ලබාදී තිබෙනවා. මේ කිසිම කෙනෙක්ගේ පෞද්ගලික ඉඩම්, නිවාස තිබෙන ඉඩම් අපි අරගෙන නැහැ. ඒ වගේම පසුගිය රජය යටතේ ලබාගත් ඉඩම් සියල්ලමටත් වන්දි ලබාදීමට අපි කටයුතු කරගෙන යනවා.
ඊට අමතරව අපි අක්කර 800 ක් මිල්ලෑවේ වත්තේ අරං තිබෙනවා. අපිට වෙන ඉඩම් අවශ්‍යතාවක් නැහැ. ඒ වගේම අපි පෞද්ගලික විශාල වතු 4ක් හඳුනාගෙන එම වතු 4 අයිතිකරුවන් සමග සාකච්ඡා කරගෙන යනවා. එම වතු සම්පූර්ණයෙන්ම පුද්ගලික ඉඩම් හිමියන්ට අයිති වතු. ඒ අයත් සමග අපි සාකච්ඡා කර අක්කර 246 ක් ගන්න මෙය පුළුල් කිරීමේ අවස්ථාවක් හැටියට. ඒ කිසිම අවස්ථාවක කිසිම ආකාරයක පොඩි ගෙවල්වල, වතුවලට අපි අත තියන්න බලාපොරොත්තුවක් නැහැ.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.