නව රජය විසින් ත්‍රිවිධ හමුදාවට නව මුහුණුවරක් ලබාදුන් බවත්, ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් සඳහා ගෞරවය ලබා දුන් බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හමුවීමෙන් අනතුරුව ඔහු මේ බව පැවැසුවේය.
පසුගිය පාලන කාලයේදී විවිධ සිවිල් කටයුතු සඳහා යොදාගත් ත්‍රිවිධ හමුදාව මේ වන විට ජාත්‍යන්තර මානුෂීය මෙහෙයුම් සඳහාද සහාය දක්වන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වර්තමාන ආණ්ඩුව හමුදාව පාවාදුන් බවට චෝදනා කළ අය හමුදාව පාවාදුන් බවත් ඔහු සඳහන් කළේය.
එසේම යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන විට කළ යුතුව තිබුණේ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විම බවත් එසේ නොකර පැවැති ආණ්ඩුව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා එකගතාව ප්‍රකාශ කළ බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.