දීර්ඝ කාලීනව නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට හමුදාවට බාරවී සේවයෙන් ඉවත්වීම සඳහා දෙසැම්බර් 01 සිට 31 වැනිදා දක්වා මාසයක පොදු සමාකාලයක් රජය ප්‍රකාශයට පත්කර තිබේ.
තමන් සේවය කළ රෙජිමේන්තුවලට එම කාලය තුළදී පැමිණ අනන්‍යතාව සහතික කිරීමෙන් අනතුරුව දින දෙකක් ඇතුළතදී නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වීමට අවස්ථාව සලසා තිබෙන බවත්, මේ ආකාරයට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කරනුයේ අවසන් වතාවට බවද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.