ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථවලින් මගී ප්‍රවාහන කටයුතු සඳහා වන නීති සහ රෙගුලාසි පද්ධතියක් ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අද (19දා) ආරම්භ කර තිබේ.
මෙම ජාතික ප්‍රතිපත්තිය සැකසීම පිළිබඳව ත්‍රිරෝද රථ සංගම් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අදහස් දැනගැනීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී ප්‍රධාන කරුණු 09ක් යටතේ සාකච්ඡා පැවැත්වූ අතර, ත්‍රිරෝද රථ රියදුරු සංගම්ද යෝජනා කිහිපයක් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරිණි. ඔවුන්ගේ එක් ඉල්ලීමක් වූයේ පැයට කිලෝමීටර් 40යේ වේග සීමාව පැයට කිලෝමීටර 50 දක්වා වැඩිකිරීමය. එම කරුණු පිළිබඳව පොලීසිය ඇතුළු අදාළ ආයතන සමග සාකච්ඡා කර ඉදිරියේදී තීරණයක් ගැනීමට මෙම සාකච්ඡාවේදී එකඟ විය.
දැනට ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ ලක්ෂ 12ක පමණ සංඛ්‍යාවක් තිබීම සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී ත්‍රිරෝද රථ ආනයනය කිරීම සීමා කිරීමට පියවර ගන්නා බවත්, වයස අවුරුදු 35ට වැඩි අයට ත්‍රිරෝද රථ ධාවනය සඳහා බලපත් ලබාදීමට තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.