අමතර කොටස් මිළ ඉහළ යෑම, ත්රිරෝද රථ අළුත්වැඩියා ගාස්තු ඉහළ යෑම හා ආර්ථික ප්රශ්න හමුවේ කුලී ත්රිරෝද රථ පළමුවන කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 10කින් ඉහළ දමන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතක ත්රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි.
ජුලි 10 දා සිට ක්රියාත්මක වන පරිදි මෙම ගාස්තු වැඩිකිරීමට නියමිත අතර ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා අයකරන ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 60 දක්වා වැඩිවෙනු ඇත. දෙවැනි කිලෝමීටරයේ සිට ගාස්තුවේ කිසිඳු වැඩිවීමක් සිදු නොවන අතර එම අගය රුපියල් 40ක් ලෙස ස්ථාවරව පවතියි.