ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කරන්නේ නෑ
ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කළ නොහැකි බැවින් ටයර් සහ අමතර කොටස් මත යොදවා තිබෙන බදු සහ ලිහිසි තෙල් මිල අඩුකරන ලෙස අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත්, ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති නිසා ත්‍රිරෝද රථ ගාස්තුව කිසිදු අයුරකින් අඩු නොකරන බවත් ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය සඳහන් කරයි.
ධාරිතාව 1000ට අඩු වාහනවලට බදු සහන ලබාදුන්නත් ත්‍රිරෝද රථවලට කිසිදු බදු සහනයක් ලබාදී නොමැති බව එම සංගමයේ මාධ්‍ය ලේකම් නන්ද තිස්ස ලක්ෂ්මන් මහතා සඳහන් කළේය.
පෙට්‍රල් මිල රුපියල් 33෴ කින් අඩුවීමට අනුව ත්‍රි‘රෝද රථ ගාස්තුව අඩුකළ හැකිවන්නේ රුපියල් එකයි ශත තිස් දෙකකින් පමණක් බවත්, එහෙත් ඇමතිවරයා කිසිදු සොයාබැලීමක් සිදුනොකර එක්තරා සංගමයක් සමග එක්ව 10෴ කින් ත්‍රිරෝද රථ ගාස්තුව අඩුකරන බවට ප්‍රකාශ කළ බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා 10෴ කින් අඩුකිරීම සඳහා නව ටයර් මිල, ලිහිසි තෙල් මිල සහ අමතර කොටස් මිල අඩුකරන ලෙසට ඉල්ලා සිටි බවත්, එහෙත් මෙතෙක් ඒ සඳහා ප්‍රතිචාර ලැබී නොමැති බවත් මාධ්‍ය ලේකම්වරයා සඳහන් කලේය.
මීට මාස තුනකට පමණ පෙර රුපියල් 1800 කට අලෙවි වූ ටයරයක් මේ වනවිට රුපියල් 2500 ත් 2800 ත් අතර මිලකට අලෙවි වන බවත්, රුපියල් 20 ට අලෙවි වූ කේබලයක් රුපියල් 100 ඉක්මවා තිබෙන බවත්, ලිහිසි තෙල් මිල කිසිවෙකුත් නොසිතන ආකාරයට ඉහළ ගොස් තිබෙන බවද ඔහු පවසා සිටියේය.
ඇමතිවරයා සඳහන් කරන ආකාරයට 10෴ ගාස්තු අඩු නොකරන ත්‍රිරෝද රථවලට එරෙහිව පොලීසිය මගින් නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙන බවත්, මෙම ක්‍රියාමාර්ගය නවතා දැමීමට කටයුතු නොකළ හොත් නීති මගින් කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

