බදුල්ල - මහියංගනය වියානි ඇළ මාර්ගයේ 07 සහ 08 කි.මී කණු අතරදී ඊයේ (08දා) රාත්රියේ ත්රිරෝද රථ දෙකක් මුහුණට මුහණට ගැටී සිදුවූ අනතුරින් එක් ත්රිරෝද රථයක් ඇළකට පෙරළීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇයගේ සොහොයුරා සහ දියණිය අතුරුදන්ව ඇතැයි මහියංගනය පොලීසිය පවසයි.
මීට අමතරව මෙම අනතුරින් ඇළට වැටී තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඉන් දෙදෙනෙකු බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත්, එක් කාන්තාවක මීගහකිවුල රෝහලේ ප්රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කරයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 21 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ මල්කාන්ති නමැති කාන්තාවක වන අතර, අතුරුදන්ව ඇත්තේ ඇයගේ සොහොයුරා වන 07 වැනි වියේ පසුවන කවිෂ්ක ගායන් සහ අවුරුදු 02 ක් වයසැති රශ්මි දීප්තිකා නම් මියගිය කාන්තාවගේ කුඩා දියණිය බව පොලීසිය පවසයි.
මෙසේ අතුරුදන් වූ අය සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පොලීසිය පවසයි.
අනෙක් ත්රිරෝද රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රෝහල් ගතකර ඇති අතර, අනතුර සිදුවන මොහොතේ අදාළ රියදුරු මත්පැන් පානය කර සිට ඇති බව මහියංගනය පොලීසිය පවසයි.
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහියංගනය පොලීසිය විසින් සිදුකරනු ලබයි.