ශ්‍රී ලංකාවේ ත්‍රිපෝෂ සමාගමේ අතිරික්ත නිෂ්පාදනය සුපෝෂ ලෙස වෙළෙඳපොළට හඳුන්වාදීමට කටයුතු කර ඇත.
නව නිෂ්පාදනය හඳුන්වාදීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ කර්මාන්ත ශාලාව අලුත්වැඩියා කිරීමෙන් පසු එහි ධාරිතාව ඉහළ නංවා ඇති බවයි.
ඒ අනුව සමාගමේ නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික්ටොන් 1800 සිට 2700 දක්වා වැඩි වී තිබේ. ඒ අනුව ඉහළ ගිය මෙට්‍රික්ටොන් 900 ක අතිරික්ත නිෂ්පාදනය මෙලෙස ‘සුපෝෂ’ නමින් වෙළෙඳපොළට එක්වෙයි.