ත්රිකුණාමලය පොලිස් වසමේ සිරිමාපුර ප්රදේශයේදී කාර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු විසින් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇත බව පොලීසිය පවසයි.
තුවාලකරු ත්රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත. ත්රිකුණාමලයේ පදිංචි සෙලින් කුමාර නොහොත් තෙල් කුමාර නමැති පුද්ගලයෙක් මෙසේ ජීවතක්ෂයට පත්ව ඇත.