ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ යාත්‍රාවක් තුළ මළ සිරුරු තිබෙන බවට ලැබුණ තොරතුරක් මත මුහුදු ප්‍රදේශය තුළ සෝදිසි මෙහෙයුමක් දියත් කළත් අද (07දා) දහවල් 12 වනතුරු කිසිදු මළ සිරුරක් සොයා ගැනීමට නොහැකි වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්රම් අලෙවි මහතා සඳහන් කළේය.
ඊයේ රාත්‍රියේ සිට පොලීසියේ සහාය ඇතිව මෙම මෙහෙයුම දියත් කළ බවත්, මේ වනවිටත් යාත්‍රා 03 ක් යොදාගෙන සෝදිසි මෙහෙයුම් සිදුකරන බවත් ඔහු පවසා සිටියේය.