මෙරට ඉතිහාසයේ ඉතා බරපතල මර්ධනකාරී පනත වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අක්‍රිය කිරීමට රජය වහාම පියවර ගත යුතු බව කැෆේ සංවිධානය පවසයි. එහි විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ මෙම පනත පුද්ගල නිදහසට ඉතා තීරණාත්මක ලෙස බලපාන කාරණයක් බවයි.
රාජගිරියේ පැවති සිවිල් ක්‍රියාකාරිකයින් සඳහා වන හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය . පසුගිය කාලය පුරා ජනමාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරිකයින් රැසක් මර්ධනය සඳහා මෙම පනත යොදා ගැණුන බව තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළේය.