ත්රස්තවාදය පරාජය කිරීමට තිබෙන අමාරුව බලවත් රටවල් සියල්ලම තේරුම්ගත යුතු බවත්, එදා අප මුහුණ දුන්නේ බලවත් රටවල් මුහුණ දෙන අභියෝගවලටත් වඩා වැඩි අභියෝගයකට බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (04 දා) 66 වැනි ජාතික නිදහස් දින සැමරුමට කෑගල්ලේදී එක්වෙමින් ප්රකාශ කළේය.
සිවිල් ජනතාවගේ ජීවිත ආරක්ෂාව පළමු වගකීම ලෙස සලකා කටයුතු කිරීමට ත්රිවිධ හමුදාවට නියෝග කර තිබූ බවත්, බලවත් රටවල තිබූ සිවිල් යුද්ධ නිමාවී ප්රතිසන්ධාන ක්රියාවලදී සාර්ථක කරගන්නට ඔවුන්ට වසර 50, 100 ක් තරම් කාලයක් ගත වුවත් ශ්රී ලංකාව එය වසර හතරක කාලයකින් සාර්ථක කර ගැනීමට කටයුතු කර ඇති බව පෙන්වාදුන් ජනපති එහෙම වෙන රටක් ලෝකයේ තියෙනවාදැයි යනුවෙන් ප්රශ්න කළේය.
චාමර සම්පත් / අමිත් මධුරංග