රුසියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් තුර්කිය විසින් බිම හෙළීම ත්රස්තවාදයට එරෙහි සටනට අකුල් හෙලීමක් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් අවධාරණය කරයි.
මෙම ක්‍රියාව තරයේ හෙළා දකින පූටින් පවසන්නේ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් මුලිනුපුටා දැමීමට ප්‍රහාර එල්ල කරන මේ අවස්ථාවේදී තුර්කියේ ක්‍රියාකලාපය පස්සෙන් ඉඳ කකුල් ඇදීමක් බවයි.
සිය ගුවන් සීමාව උල්ලංඝනය නොකරන ලෙසට කළ අනතුරු ඇඟවීම් නොසලකා හැරි නිසා අදාළ යානයට ප්‍රහාර එල්ල කළ බව තුර්කිය පැවසුවත්, රුසියාව අවධාරණය කරන්නේ එවැනි ගුවන් සීමා උල්ලංඝනය වීමක් සිදුව නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් නේටෝ සංවිධානය වහාම රැස්වීමක් කැඳවා ඇති අතර, මෙම ක්‍රියාව මොස්කව් හා තුර්කිය අතර සබඳතා පිළිබඳ යළි සලකා බැලීමට සිදුවන තරමේ එකක් බවද පූටින් අවධාරණය කර තිබේ.
මීට පෙර, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්ටර්ෆැක්ස් පුවත් සේවය පවසන්නේ එරට ගුවන් හුමදාවට අයත් සූ-24 වර්ගයේ ප්‍රහාරක යානයක් උතුරුදිග සිරියාවේදී අනතුරට පත්ව ඇති බවයි.
එම අවස්ථාවේදී නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් යානයෙන් ඉවත් වී ඇති බවද එම පුවත් සේවය පවසයි.
ලටාකියා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකට යානය කඩා වැටෙන ආකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝ දසුන් දැකිය හැකිය.
VIDEO VIDEO VIDEO VIDEO