ද්‍රවිඩ ජාතික රැදවියන් නිදහස් කිරීමට සමගාමීව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අන්තර්ජාතික ත්‍රස්ත ක්‍රියා මැඩලීමේ නිර්නායකයන්ට අනුකූලව අහෝසි කොට දැමීමට හෝ සංශෝධනය කිරීමට පියවර ගතයුතු යැයි කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු පවරා නොමැති නමුත් දීර්ඝ කලක් රැදවුම් භාරයේ පසුවන සිරකරුවන්ගෙන් කොටසක් පමණක් නිදහස් කිරීමට රජය ගත් තීරණය පිළිබද කැෆේ සංවිධානය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සතුට පළ කරන බවත්, මර්දනකාරී, ප්රජාතන්ත්ර විරෝධී සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට ඒ හා සමගාවීම කටයුතු කළ යුතු යැයිද ඔවුහු පවසති.