ධීවර කර්මාන්තයේදී යොදාගන්නා තහනම් පන්න ක්‍රම පිළිබඳව විමර්ශනයක් සිදුකිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධනඅමාත්යමහින්ද අමරවීර මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබේ.
මත්ස්‍ය සම්පත සුරැකීමේ අරමුණින් දියත් කෙරෙන මෙම විමර්ශනයේ සුරුක්කු හා ලයිලා දැල් භාවිතය සම්බන්ධයෙන් වූ වාර්තාව ඉදිරි මාස තුනක කාලය ඇතුළත අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළයුතු අතර, සෙසු තහනම් පන්න ක්‍රම පිළිබඳ වූ වාර්තාව ඉන් අනතුරුව ලබාදිය යුතු බවද සඳහන් වේ.
අදාළ කමිටුවේ සභාපතීත්වය ධීවර ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විද්වතෙකු වන මහාචාර්ය සුනිල් ජයකොඩි මහතා විසින් දරනු ලබන අතර, සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය සිසිර හපුතන්ත්‍රි මහතා සහ ධීවර අමාත්‍යාංශයේ නීති නිලධාරිනී ශාලිකා වඩුතන්ත්‍රි මහත්මිය පත්කර ඇත.