බුදු දහමට අපහාස වන අයුරින් ප්රකාශ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් එළැඹෙන 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් චන්දන කලන්සූරිය මහතා අද (16දා) නියෝග කළේය. මාලිගාවත්ත පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගත් අතර පසුව අධිකරණයට ඉදිරිපත් කළේය.