ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සිටින මෑන්පවර් සේවකයන් 2100දෙනෙකු ස්ථීර කිරීම සඳහා අධ්යක්ෂ මණ්ඩල තීන්දුවක් ගෙන තිබියදී එම සේවකයන් මේ දක්වා ස්ථිර කර නැත්තේ සමුහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරු සංගමයේ ඉල්ලීම පරිදි කටයුතු කරන නිසා යැයි ශ්‍රී ලංකා ටෙලිකොම් තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය පවසයි.
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ අද (06දා) පැවති මාධ්‍ය හමුවකදී එහි සමලේකම් ජේ.බී. ගුරුසිංහ මහතා සඳහන් කළේ වසර 17කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයන්ද මෙම මෑන්පවර් සේවකයන් අතර සිටින බවයි.
මෙම ප්‍රශ්නයට විසඳුමක් බලාපොරොත්තුවෙන් කම්කරු ඇමතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ බවත්, සමස්ත මෑන්පවර් ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන බවට එහිදී කම්කරු ඇමතිවරයා පොරොන්දු වු බැවින් තාවකාලික වැඩවර්ජනය නතර කර යළි සේවයට වාර්තා කිරීමට තීරණය කළ බවද ඔහු කීය.