ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය පිළිබඳව ගැටලුවක් පවතින බවත් එය සම්පූර්ණ කිරීමට හැකිවූ දවසට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට සූදානම් බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සඳහන් කරයි.
නවසීලන්තයේදී ක්‍රික්ඉන් ෆෝ පුවත් සේවයට ඊයේ (21දා) අදහස් දක්වමින් හෙතෙම සඳහන් කර තිබුණේ තවත් වසරට දෙක තුනක් වුවද තමන්ට ක්‍රීඩාකළ හැකි බවයි.
"එක්දින හා විස්සයි20 තරග තවදුරටත් ක්‍රීඩා කිරීම මගේ බලාලොරොත්තුවයි. ලෝක කුසලානයෙන් පසුව මගේ නායකයා සමග හා කණ්ඩායම් කළමනාකරුත් සමග මගේ අනාගත කාර්යභාරය ගැන කතාකරනවා. ඔවුන් මගෙන් කාර්යභාරයක් තියෙනවා කියලා ඔවුන් හිතුවොත් මම මගේ රටට තවදුරටත් ක්‍රීඩා කරනවා. මගේ වර්තමාන රිද්මය හා සෞඛ්‍යය තත්ත්වය අනුව තවත් වසර 2-3ක්, නැත්නම් 2019 ලෝක කුසලානය තෙක් පවා මට ඉතාමත් පහසුවෙන් ක්‍රීඩා කළ හැකියි.
මීට වසර දෙකකට පෙර මම ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගෙන තරුණයෙකුට අවස්ථාව දුන්නා. මම කණ්ඩායමට ප්‍රමාණවත් නෑ කියලා හිතුන වෙලාවට ඒ දේම (එක්දින හා විස්සයි20) තරගවලටත් සිදුකරනවා. මම ඒ තීරණය දැන්ම අරගෙන නෑ. මොකද අපිට ඉන්න හොඳම ක්‍රීඩකයන් දෙදෙනෙක් එක්දින පිටියෙන් සමුගන්නවා. මම හිතනවා මගේ අත්දැකීම් නායකයාට හා කණ්ඩායමට වැදගත් වේවි කියලා. අපිට ආරම්භය ගැන ගැටලුවක් තියෙනවා. ඒ අඩුව මගේ අත්දැකීමෙන් පුරවන්න පුළුවන් වුණ දවසට මම සමුගන්නවා." යැයි ඩිල්ෂාන් සඳහන් කරයි.