අම්පාර දිස්ත්‍රික් හිටපු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වසන්ත පියතිස්ස මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගබඩාවක තිබී දිවි නැගුම සහතිකපත් 75000 ක් හා ලිත් 65000 ක් සොයාගත් බව පොලිස් මූලස්ථානය කියයි.
මේ සම්බන්ධයෙන් අම්පාර දිසාපති නීල් ද අල්විස් මහතාගෙන් විමසීමක් කර ඇති අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 2දා දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ සමෘද්ධි කලමණාකරු වෙත මෙම ද්‍රව්‍ය ලැබි ඇති බවත් ජනාධිපතිවරණය පැවැති හෙයින් ඒවා බෙදා නොහරින ලෙසට සමෘද්ධි කළමණාකරු උපදෙස් දුන් බවයි.