පාසැල් නිළ ඇඳුම් දීමනාව රුපියල් හාරසියයේ සිට රුපියල් පන්සියය දක්වා වැඩිකිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක ඊයේ (13)පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේබව කීය. ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී විසිපන්දහසක් බඳවා ගන්නා බවද අදාළ බඳවා ගැනීම් ගුරු පුරප්පාඩු සොයා බලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කරන බවත් හෙතෙම පැවසීය.